පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව ක්‍රිකට් ක්‍රීඩාංගණය ජනපති අතින් සිසු අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉදිකෙරුණු නව ක්‍රිකට් ක්‍රිඩාංගණය අද (02) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.‍

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ හිමිකර දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මූලිකත්වයෙන් ක්‍රියාවට නැංවෙන පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 80.6 ක වියදමින් මෙම කි්‍රඩාංගණය පොළොන්නරුව රාජකීය විද්‍යාලය වෙත ලබාදී ඇත.

විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර ජාතික ශිෂ්‍යභට බලකායේ උත්තමාචාරය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

සෙවණපිටිය මහා විද්‍යාලය ඇතුථ දිස්ත්‍රික්කයේ පාසල් 04 ක් සදහා ක්‍රිකට් උපකරණ කට්ටල ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

රාජකීය සිසු දරුවන් විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නම්පෙරුම, තිලංග සුමතිපාල යන මහත්වරුන් සහ විදුහල්පති අයි.කේ.කේ රවීලාල් විජේවංශ මහතා ඇතුථ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *