(කොළඹ, ලංකාපුවත්) – සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 05දෙනෙකු සමනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් වයස අවුරුදු 24, 26, 27 හා 28 යන වයස්වල පසුවන මහනුවර, පේරාදෙණිය, වැපිවේරිය හා පන්විල යන ප්රදේශවල පදිංචිකරුවන් ය.
මහනුවර ,පුෂ්පදාන මාවත ප්රදේශයේ ගංජා අලෙවි කිරීමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව එහි නිවසක් පරික්සා කිරීමේ දී අදාළ නිවසේ ඉහළ මාලයේ කාමරයක් තුළ මෙම සැකකටයුතු පුද්ගලයන් 05දෙනා සිට ඇත. ඔවුන් පරික්සා කිරීමේ දී ඉන් එක් පුද්ගලයෙක් සන්තකයේ තිබී පිස්තෝල අවියක්, සජීව පතොරම් 17ක්, හා පතොරම් ගැබ් 03ත් හමුව තිබේ.
වැඩිදුරටත් මෙම නිවසේ කාමරය පරික්ෂා කිරීමේ දී රිවෝල්වර වර්ගයේ ගිනි අවියක්, රිපීටර් වර්ගයේ ගිනි අවියක්, පිස්තෝල හා රිවෝල්වර අවි සදහා භාවිතා කරන සජීව පතොරම් 13ක්, බෝර 12 සජීව පතොරම් 10ක්, තඩු 03ක්, අත්විලංගුවක් හා මුගුරක් සොයා ගෙන ඇත.
සැකකරුවන්ව අද(21) මහනුවර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.