(කොළඹ, ලංකාපුවත්) –සති අන්ත නිවාඩුවත් පාසල් නිවාඩු කාලයත් නිසා ඉකුත් සති අන්තයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාර්තාගත වාහන සංඛ්‍යාවක් ධාවනය වූ බව අධිවේගී මාර්ග නඩත්තු සහ මෙහෙයුම් අංශයේ අධ්යක්ෂ සමන් ඕපනායක මහතා පැවසීය.
සාමාන්‍යයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෛනිකව රථවාහන හැත්තෑ දහසක් ගමන් කරන බවත් ඉකුත් 25දා පමණක් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළත් කළ රථවාහන සංඛ්‍යාව එක්ලක්ෂ දස දහසද ඉක්මවා ගොස් තිබු බවද ඔහු පැවසීය.
මේ අනුව ඉකුත් 25දා පෙරවරුවේ සිට දැඩි රථවාහන තදබදයක් පැවති අතර දිනපතාම දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෛනිකව ගමන් ගන්නා වාහන ප්‍රමාණය බොහෝ සෙයින් ඉහළ යමින් පවතින බවද ඒ මහතා පැවසීය. සති අන්තයේ උදෑසන සහ සවස් කාලයේදී කඩවත, අතුරුගිරිය, පින්නදූව සහ ගොඩගම යන ස්ථානවල පිවිසුම සහ පිටවීමෙ මාර්ගවල තදබදයක් හටගෙන තිබු බවද අධ්යක්ෂවරයා පැවසීය.