සීගිරි බිතුසිතුවම් පිටපත් කිරීමේ වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) –ලෝක උරුමයක් වන සීගිරි ගලේ ඇති බිතුසිතුවම් හා කැටපත් පවුරේ කුරුටු ගීත නව තාක්ෂණය යොදා ගනිමින්, පිටපත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

ජර්මනියේ බැම්බර්ග් විශ්ව විද්‍යාලය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා කැලණි විශ්වවිද්‍යාලය එක්ව මෙය සිදුකරනු ලැබේ.

ලේසර් තාක්ෂණය මේ සඳහා යොදා ගන්නා අතර පිටපත් කිරීමේ කටයුතු රාත්‍රී කාලයේ සිදු කිරීම විශේෂත්වයකි.

ලොව විවිධ ස්ථාන මෙන්ම, දළදා මාළිගාවේ වැදගත් ස්ථාන ද මෙම ත්‍රිමාණ ලේසර් කිරණ තාක්ෂණය මගින් ප්‍රතිරූපණය කර ඇත. බිතු සිතුවම්වලට කිසිඳු හානියක් නොවන පරිදි එය සිදු කරන බව කැලණි විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය බී.ඩී.නන්දදේව මහතා පැවසීය.

මෙම කාර්යයේ දී කියවීමට අපහසු ස්ථානවල ඇති කුරුටු ගීත පවා, කියවා ගැනීමට හැකි බව ඔහු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *