ඇමති මණ්ඩලයේ දිවුරුම් දීම් අවසන් කරන දිනය හෙළි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලබන 14 වනදාට පෙර නව රජයේ අමාත්‍ය මණ්ඩලයේ සියළු දෙනා දිවුරුම් දී අවසන් කරන බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(07) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ය.

ඒ අනූව, ඊට අදාළ ගැසට් නිවේදනය 14 වැනිදාට පෙර නිකුත්කර පාර්ලිමේන්තුවේ ආසන පැනවීමට අවශ්‍ය අන්දමින් කටයුතු කරන බව ද ඔහු සදහන් කළේය.

දැනට පාර්ලිමේන්තු බහුතරය ආණ්ඩු පක්ෂය සතුව ඇති අතර එය 117ක් බව ද අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *