ජාතික යොවුන් තෛපොන්ගල් උළෙල ත්‍රිකුණාමලයේ දී

(කොළඹ, ලංකාපුවත්) – ජාතික සංහිඳියාව ආගමික සහජීවනය ගොඩනැංවීම වෙනුවෙන් අත්වැල් බැඳගත් යොවුන් අපේ සංස්කෘතික මංගල්‍යය “ජාතික යොවුන් තෛපොන්ගල් උළෙල – 2019” උත්සවය ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.

ඒ පසුගියදා ත්‍රිකුණාමලය, තඹලගමුව ආදී කෝනේෂ්වරම් කෝවිල් පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්ය.

මෙහිදී හින්දු චාරිත්‍ර වලට අනුව පොංගල් බත පිසීම ඇතුළු ජාතික චාරිත්‍ර රැසක් මෙම තෛපොන්ගල් උළෙලේදී ක්‍රියාත්මක විය.

මෙදින දකුණේ සිංහල, මුස්ලිම්, දමිළ තරුණ තරුණියන් දහසකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සංස්කෘතික වැඩසටහනක් හා ශාස්ත්‍රීය ගායනා,කථක නැටුම්,ජන ගායනා,හින්දු සම්ප්‍රදායට අනුව විකට ඇඳුම් තරඟ කිහිපයක්ද පවත්වන ලදි.

ජාතික යොවුන් තෛපොන්ගල් උළෙල සඳහා සහෝදරත්වයේ නෑකම් එකතු කරන්නට දිවයිනේ සතර දිගින් පැමිණි තරුණ තරුණියන් විශාල පිරිසක්ද පැමිණ සිටියහ

මෙම අවස්ථාව සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම්වරයා ඇතුළු තරුණ නායක නායිකාවන් ද සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *