දිස්ත්‍රික් 07ක පානීය ජලයට සනීපාරක්ෂාවට ලෝක බැංකු ආධාර

(කොළඹ, ලංකාපුවත්) –පානීය ජල සහ සනීපාරක්ෂක කටයුතු වැඩි දියුණු කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය තවත් දිස්ත්‍රික්ක 07ක ක්‍රියාත්මක කිරීමට ලෝක බැංකු ආධාර මේ වනවිට ලෝක බැංකු ආධාර මත දිස්ත්‍රික්ක 07ක පමණ ක්‍රියාත්මක වන වැඩසටහනක් වන ජල සහ සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය තවත් දිසත්‍රික්ක ගණනාවක ක්‍රියාත්මක කිරීමට ලෝක බැංකුවේ සහයෝගය ලබා දෙන බැව් වොෂින්ටන් නුවර සිට පැමිණි එම බැංකුවේ විශේෂ නියෝජිත කමාටා මහතා (Mr. Takuya Kamata) ප්‍රමුඛ ලෝක බැංකු නියෝජිතයෝ නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන ඇමැති රවුෆ් හකීම් මහතා හමුවී එකඟතාව පළ කළහ.

එමෙන් ම ජල මූලාශ්‍ර සොයාගෙන සහ නව ජලාශ ඉදිකිරීම මඟින් ජනතාවගේ ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය පරිදි ඊට සම්බන්ධ ප්‍රධාන අමාත්‍යංශ 03 එක් වී කාර්යසාධන බලකායක් පිහිටුවීම කෙරෙහි ද එහි දී අවධානය යොමු විය. ඒ අනුව ජල සම්පාදන අමාත්‍යංශ ලේකම්, වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් සහ මහවැලි අමාත්‍යංශ ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම කාර්යසාධන බළකාය සැකසෙනු ඇත.

විශේෂයෙන් ම ජලය හිඟ ප්‍රදේශවලට ජල පහසුකම් ලබාදීම යටතේ නළ ලිං ඉදි කිරීම, නව ජල මූලාශ්‍ර සොයා ගැනීම සහ නව ජලාශ ඉදිකිරීම යන අංශ කිහිපය කෙරෙහි ම අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇති බැව් ඇමැතිවරයා අවධාරණය කෙළේ ය.

එමෙන් ම මෙරට ජීවත්වන වතු කම්කරු ජනතාව, දුගී දුප්පත් ජනතාව සඳහා පානීය ජලය, මෙන් ම සනීපාරක්ෂක පහසුකම් ද සැපයීම තුළ රටේ දිළිදුකම තුරන් කිරීම සහ ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීමේ ඇති හැකියාව ඇමැතිවරයා විසින් අදාළ නිළධාරීන්ට පැහැදිලි කර දෙන ලදී. ඒ අනුව එම කටයුතු සඳහා අවශ්‍ය ලෝක බැංකු සහාය තවදුරටත් ලබාදීමට කමාටා මහතා ඇතුළු පිරිස එකඟතාවය පළ කරන ලදී.

මේ අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති කේ.ඒ. අන්සාර්, ජල සහ සනීපාරක්ෂණ කටයුතු වැඩිදියුණු කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ එන්.යූ.කේ. රණතුංග, එම නියෝජිත කණ්ඩායමේ සෙසු නිලධාරීන් වන ප්‍රතිභා මිස්ට්‍රි (Ms.Prathibha Mistry) තිරුණි ලියනගේ සහ ඇතුළු පිරිසක් ද සහභාගී වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *