මල්වතු ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ප්‍රජා පාදක පරිසර පද්ධති ව්‍යාපෘතියක්

(ලංකාපුවත් | කොළඹ) –අනුරාධපුර මල්වතු ඔය ද්‍රොණිය ආශ්‍රිතව ප්‍රජාපාදක පරිසර පද්ධති සංරක්ෂණ ව්‍යාපෘතියක් ඇරඹීමට පරිසර අමාත්‍යාංශය විසින් කටයුතු යොදා ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ගංගා පද්ධතිය තුළ දෙවන දීර්ඝතම ගංගාව වන්නේ මල්වතු ඔයයි. එහි දිග කිලෝමීටර් 164කි. (සැතපුම් 106කි.)

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වන ප්‍රජා පාදක පරිසර පද්ධති ප්‍ර වේශය තුළින් වනාන්තර, කෘෂිකර්ම හං සංචාරක ක්ෂේත්‍ර ඒකාබද්ධ කළමනාකරණය යන ව්‍යාපෘතිය යටතේ මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව මල්වතු ඔයේ ද්‍රෝණිය අවට පිහිටි ප්‍රදේශවන අනුරාධපුර, මන්නාරම, වව්නියාව, පුත්තලම දිස්ත්‍රික්කවල නියමු ව්‍යාපෘතියක් වශයෙන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක වේ. ගෝලීය පරිසර පහසුකම් Global Environment Facility මගින් ඇමරිකානු ඩොලර් මිලියන 04ක මුදලක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් 2021-24 දක්වා කාලය සඳහා ලබා දී ඇත.

ගෝලීය වශයෙන් වැදගත් වන තර්ජනයට ලක්ව ඇති ජීවින් රැසක් මල්වතු ඔය ද්‍රෝණිය අවට ස්ථානගතව සිටිති. එමනිසා මනා සම්බන්ධීකරණයක් යටතේ එම ජීවින්ගේ වාසස්ථාන ආරක්ෂා කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය. ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම මෙන්ම මෙම ප්‍රදේශවල වාසය කරන ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය ඉළක්ක කරමින් මල්වතු ඔය ප්‍රජාපාදක පරිසර පද්ධති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය මගින් ආවරණය වන නියමු භූ දර්ශ හතරක් මේ වනවිට හඳුනාගෙන තිබේ.

1. ඉහළ මල්වතුඔය ද්‍රෝණියේ පිහිටි මාමිණියා ඔය, ඉහළ කනදරා ඔය, ඉහළ වැලි ඔය හා පහළ වැලි ඔය, (මිහින්තලේ සිට රිටිගල දක්වා)
2. මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය සහ පහළ මඩුපාර සහ විල්පත්තු ජාතික වනෝද්‍යානය දක්වා
3. මල්වතු ඔයට මායිම්ව පිහිටි බූමි සහ යාබද මුහුදු තීරය,වංකාලෙයි, අරිප්පු, සහ සිලාවතුර කොරළ්පර , මන්නාරම් බොක්ක
4. ප්‍රතිලාබීන් සංඛ්‍යාව ආසන්න වශයෙන් ඝෘජු ප්‍රතිලාභීන් 240,000ක් වේ.

මල්වතු ඔය ප්‍රජා පාදක පරිසර ව්‍යාපෘතිය යටතේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති රැසක් ද මේ වනවිට එම ව්‍යාපෘතිය විසින් හඳුනාගෙන ඇති අතර සුරකිමු ගංගා වැඩ සටහන යටතේ ඒ සදහා තවත් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *