A – 5 මාර්ගයේ බිබිල-චෙන්කලඩි කොටස ජනතා අයිතියට

(ලංකාපුවත් | කොළඹ) – A – 05 මාර්ගයේ කොටසක් වන බිබිල – චෙන්කලාඩි මාර්ගය ජනතා අයිතියට පත්කිරීම අද(28) සිදු විය.

ඒ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගේ ප්‍රධානත්වයෙනි.

බිබිල – චෙන්කලාඩි මාර්ගය කිලෝමීටර් 86.7ක දුරකින් යුක්තවේ.

මධ්‍යම,ඌව සහ නැගෙනහිර පළාත් තුන යා කෙරෙන පේරාදෙණිය – බදුල්ල – චෙන්කලාඩි මාර්ගය දිගින් කි.මි 275ක් වේ.

එම මාර්ග කොටස අදියර 3ක් යටතේ දේශීය ඉදිකිරීම් සමාගම් 2 ක් මඟින් සංවර්ධනය කර තිබේ.

පළමු අදියර ලෙස බිබිල සිට පදියතලාව දක්වා කි.මි 29 ක් සංවර්ධනය කර ඇත. එහි දෙවන අදියර පදියතලාව සිට ටැම්පිටිය දක්වා කි.මි 30 ක් සංවර්ධනය කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *