හොර නෝට්ටු රට පුරා සැලකිලිමත් වන්න – මහ බැංකුව ජනතාවට කියයි

(ලංකාපුවත් | කොළඹ) –රට පුරා ව්‍යාජ මුදල් නෝට්ටු විශාල වශයෙන් සැරිසරමින් පවතින හෙයින් ඒ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සැකකටයුතු මුදල් නෝට්ටුවක් ලැබුණොත් ආරක්ෂක සලකුණ පිළිබඳ විමසිලිමත් වී එය රඳවා ගැනීමට කටයුතු කරන්නැයි මහ බැංකුව පවසයි. ඉන් අනතුරුව එම නෝට්ටුව රැගෙන පැමිණි පුද්ගලයා, ඔහුගේ බාහිර පෙනුම, වාහනයකින් පැමිණියේ නම් ඒ පිළිබඳ විස්තර, නෝට්ටුවේ වටිනාකම සහ අනුක්‍රමික අංකය යනාදී තොරතුරු සටහන් කරගෙන ළඟම ඇති පොලීසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් ඒකකයේ 0112422176 සහ 0112326670 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස දන්වා සිටී.

ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබා ගැනීම හෝ පරිහරණය හෝ මුද්‍රණය සිරගත කිරීම දඩයක් නියම වීම හෝ එම දඬුවම් දෙකම හෝ නියම කළහැකි වරදක් බව පොලිසීය සඳහන් කරයි.

මේ අතර රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් මෙවැනි ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ සහ බෙදාහැරීමේ ජාවාරම් වැඩි වශයෙන් සිදු විය හැකි හෙයින් ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන්නැයි පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *