ක්‍රිස් ගේල් විශ්‍රාම ගැනීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව තමන් එක්දින ක්‍රිකට් තරග වලින් විශ්‍රාම ගන්නා බව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් ප්‍රකාශ කර සිටි.

එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ක්‍රිස් ගේල් ඒ පිළිබදව නිල වශයෙන් තමන් වෙත දැනුම් දෙනු ලැබූ බව ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් තබමින් සනාථ කර ඇත.

පුද්ගලික හේතුවක් මත ඉකුත් වසරේදී ඉන්දියාව සමග පැවති එක්දින තරගාවලියෙන් අනතුරුව බටහිර ඉන්දීය කණ්ඩායම නියෝජනය නොකළ ක්‍රිස් ගේල් එංගලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ පළමු තරග දෙක සඳහා නම් කරන ලද සංචිතයට මේ වන විට ඇතුලත් කර තිබේ.

බටහිර ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග වලදී වාර්තාගත ශතක 23ක් සමගින් ලකුණු 9,727ක් රැස් කර සිටින මෙම සුපිරි පිතිකරුවා දෙවැනිව සිටින්නේ බ්‍රයන් ලාරාට පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *