2018 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ඔන්ලයින් ක්‍රමයට

(කොළඹ, ලංකාපුවත්) – 2018 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය නියාමන පෙරහුරු පරීක්ෂණයක් ලෙස පළමුවරට ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන 11 වනදා සිට 18 වනදා දක්වා මධ්‍යස්ථාන 655 කදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අයදුම්කරුවන් එක්ලක්ෂ අසූ හයදහස් අනූ හත් දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටීමට නියමිතය.

අදාළ ප්‍රවේශපත්‍ර මේ වන විටත් පාසල් වෙත යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය. විභාග පරිපාලන කටයුතු සදහා කාර්ය මණ්ඩල ද පත් කර අවසන්ය.

ඔන්ලයින් ක්‍රමයට සකස් කර ඇති ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් සමන්විතවේ. එහි නිවැරදි පිළිතුරු සළකුණු කළ යුත්තේ ද ඔන්ලයින් ක්‍රමයටයෙ. ප්‍රශ්නපත්‍ර දෙක සඳහා දී ඇති පැය තුනක කාලයට අමතරව විනාඩි 10 ක ප්‍රවේශ කාලයක්ද ලබාදී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 1911 ක්ෂණික ඇමතුම් අංකයෙන් ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *