2020 දී උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීම අවසන්

(කොළඹ, ලංකාපුවත්) – වසර 2020වන විට උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්ය අවසන් කළ හැකි බව ඩෑෂ් සංවිධානය සඳහන් කරයි.

ඉකුත් වසර 09ක කාලය තුළ උතුරු පළාතේ වර්ග මීටර් 11,406,267ක ප්‍රමාණයක් තුළ පුද්ගල නාශක බිම්බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය දෙලක්ෂ දහඅටදහස් අටසිය හැටනවයක් (218, 869) විනාශ කර තිබේ.

මේ අතර පුද්ගල නාශක බිම්බෝම්බ 80,744ක්, වාහන නාශක බෝම්බ 184ක්, පුපුරා නොගිය තවත් බෝම්බ 22,239ක් සහ සුළු අවි පතොරම් 115,702ක් ගොඩගෙන විනාශ කළ බව බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ නිරත ඩෑෂ් ආයතනය (සමාජයීය සහයෝගිතාව පතුරුවාලීම සඳහා සහයෝගය දැක්වීමේ ආයතනය) පැවසීය.

මීට අමතරව මැග්, හෙලෝ ට්‍රස්ට් සහ ෂාප් යන රාජ්‍ය නොවන ආයතනද ශ්‍රී ලංකා යුද හමුදාවද දැනට උතුරේ බ්ම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ නිරතව සිටී.

මුලතිව්, කිලිනොච්චිය, යාපනය හා වවුනියා දිස්ත්‍රික්කවලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඩෑෂ් ආයතනය මඟින් බිම් බෝම්බ ඉවත් කරන අතර එම ආයතනය විසින් 2009 වර්ෂයේ සිට 2019 මාර්තු 24 වැනිදා වන විට මෙම බෝම්බ සංඛ්‍යාව ගොඩ ගෙන විනාශ කර ඇති බව එම සංවිධානයේ මෙහෙයුම් කළමනාකාර හිටපු යුද හමුදා මේජර් සුනිල් ආරියසේන මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *