(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර සිරකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබදව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති M.ASHRAF HAIDAI මහතා අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.
මෙරට බන්ධනාගාරවල සිටින ඇෆ්ගනිස්ථානු සිරකරුවන් පිළිබඳව මෙහිදී තානාපතිවරයා විසින් එම අවස්ථාවේදී අමාත්‍යවරියගෙන් විමසා සිටි අතර ඔවුන් සම්බන්ධයෙන් රජයක් ලෙස ගෙන ඇති පියවර පිළිබඳව අගය කරන බවද පැවැසීය.
දෙරට අතර සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුමක් මේ වන විට නොමැති බැවින්ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර සිරකරුවන් හුවමාරු කර ගැනීම සදහා ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබදව මෙහිදී අමාත්‍යවරිය සහ තානාපතිවරයා අතර අදහස් හුවමාරු විය.
අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී තානාපතිවරයාගේ පැසසුමට ලක්විය.
කලාපීය රටවල් වශයෙන් ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රීලංකාව අතර අතීතයේ සිටම ආර්ථික, සංස්කෘතික හා සාමාජීක වශයෙන් පැවති සබඳතාවයන් තවදුරටත් තහවුරු කරගත යුතු බව ද තිවරිය මෙහිදී තානාපතිවරයා හමුවේ පැවසුවාය.