පළාත් සභා 6ක නිල කාලය අවසන්

(කොළඹ, ලංකාපුවත්) –දකුණු පළාත් සභාවේ නිල කාලය ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් විය. දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් මහතා විසින් ඊට අදාළ ගැසට් පත්‍රයට අත්සන් තැබීමෙන් අනතුරුව මේ වනවිට පළාත් සභා 6ක නිල කාලය අවසන් වී තිබේ.

2017 වර්ෂයේදී නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් සභාවලත් 2018 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී වයඹ සහ උතුරු පළාත් සභාවලත් නිල කාලය අවසන් විය.

එසේම 2014 වසරේ අප්‍රේල් 22 වැනිදා ආරම්භ වූ බස්නාහිර පළාත් සභාවේ නිල කාලය 2019 වර්ෂයේ අප්‍රේල් 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වීමට නියමිත අතර එහි අවසන් සභාවාරය පසුගිය 9වැනිදා බස්නාහිර පළාත් සභා ගොඩනැගිලි පරිශ්‍රයේ සභා ශාලාවේදී පැවැත්විණි.

ඌව පළාත් සභාවේද නිල කාලය මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *