අගමැති අගෝස්තු 06වනදා විශේෂ කාරක සභාවට

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අගෝස්තු 06 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවීමට තීරණය කර ඇති අතර ඒ බව අග්‍රාමාත්‍යවරයා වෙත අද(29) දැනුම් දීමට නියමිතව ඇත.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මේ වන විට පාර්ශ්ව රැසකින් සාක්ෂි විමසීම සිදුකර තිබේ. එහි අවසන් වාර්තාව අගොස්තු මස අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *