ජනපතිවරණය සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණයේ ආරක්ෂක රාජකාරී සහ සාමාන්‍ය රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 60,175 දෙනෙකු යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොලිස් නිලධාරීන්ට අමතරව සිවිල් ආරක්ෂක බලකායේ භටයන් 8080 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද මෙවර ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *