මිල්කෝ සමාගමට නව සභාපතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) –මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතා පත් කර ඇත.

ලසන්ත වික්‍රමසිංහ මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් ගණිතය පිළිබඳ විශේෂ උපාධියක් ලබාගෙන ඇති අතර තොරතුරු තාක්ෂණ හා නිෂ්පාදන කළමනාකරණ යන ක්ෂේත්‍රවල ශාස්ත්‍රපති උපාධි 2ක් ද ලබා ඇත.

දැනට ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ද හදාරමින් සිටියි.

ඒ මහතා සිය වෘත්තිය ජීවිතය ආරම්භ කර ඇත්තේ Haycarb PLC ආයතනයේ විධායක නිලධාරියෙකු ලෙසයි.

ඔහු වසර 12 කට වැඩි කාලයක් IFS R&D ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ ආයතනයේ සැපයුම් දාම කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු ලෙස ද සේවය කර ඇත.

ඒ මහතා 2015 සිට තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ධුරයද දරන්නෙකි.

එසේම ඒ මහතා “යුතුකම සංවාද කවයේ” ද ආරම්භයේ සිටම ලේකම්ධුරය දරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *