කාලගුණයෙන් අවවාදයක්

(කොළඹ, ලංකාපුවත්) – පවත්නා අධික උෂණත්වයත් සමග ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන්ගෙන් ආරක්ෂා වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අව් රෂ්මියෙන් ආරක්ෂා වී සෙවන ඇති ස්ථානවල රැදී සිටීම සහ වැඩි වශයෙන් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ. වැඩිහිටි හා කුඩා දරුවන් පිළිබද වැඩි වශයෙන් සැළකිලිමත් විය යුතුය. වාහන තුළ කුඩා දරුවන් තනිකර නොයා යුතු අතර මෙම දිනවල සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇදුම් භාවිත කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් ඉල්ලා සිටියි.

එසේම විජලනය හා ලවණ ඉවත්වීම නිසා ඇතිවන මස් පිඩු පෙරළීම,අධික උෂ්ණත්වය නිසා ඇතිවන මහන්සිය මෙම කාලගුණික තත්වය හමුවේ ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර වයඹ,බස්නාහිර පළාත්වලට සහ මන්නාරම,ගාල්ල,මාතර දිස්ත්‍රික්කවලට අද(26) උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *