කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැය 24ම සීරුවෙන්

(කොළඹ, ලංකාපුවත්) – කොරියාවේ වෙසෙන ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් එරට තානාපති කාර්යාලය පැය 24ම සීරුවෙන් තබා ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේය.

කොවිඩ් 19 වෛරසය මේ වන විට දකුණු කොරියාව තුළද පැතිරෙමින් පවතින අතර, කිසිඳු ශ්‍රි ලාංකිකයෙකුට මෙතෙක් වෛරසය ආසාධනය වී නොමැති බව සදහන් වේ.

දකුණු කොරියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රි ලාංකිකයින් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන අතර, උද්ගත වී ඇති වාතාවරණය යටතේ ශ්‍රි ලාංකිකයෙකුට කිසියම් ගැටළුවක් මතුවී නම් දවසේ පැය 24 තුළම තානාපති කාර්යාලය ඇමතීම සඳහා දුරකථන මාර්ග 3ක් හඳුන්වා දී තිබේ.

0082-2-735-2966
0082-2-735-2967
0082-2-794-2968

මෙම අංකවලට දිනයේ ඕනෑම අවස්ථාවක ඇමතීම මඟින් ශ්‍රි ලාංකිකයින්ට සිය ගැටළු පිළිබඳව සෘජුව තානාපති කාර්යාලයට දැනුම් දිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *