රජයේ නිලධාරීන්ට නිවසේ සිට වැඩකරන්න සන්නිවේදන ජාල දෙකක්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ තීරණාත්මක කටයුතුවලට බාධාවක් නොවන බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)විසින් ප්‍රධාන සන්නිවේදන මෙවලම් දෙකක් හඳුන්වා දී ඇති අතර එය දැනටමත් රජයේ ප්‍රධාන ආයතන ගණනාවක් විසින් අනුගමනය කරනු ලැබේ.

රාජ්‍ය අංශයේ සියලුම ප්‍රධාන ආයතන අතර තත්කාලීන තොරතුරු හුවමාරු කර ගැනීම (Real time information sharing) සහ සන්නිවේදනය කිරීම, රාජ්ය ආයතන සහ සේවකයින් සම්බන්ධ කිරීම කාලයෙහි අත්‍යවශ්‍ය කරුණකි.

එක් මෙවලමක් වඩාත් ඵලදායී ලෙස සන්නිවේදනය සඳහා කැපවී ඇති අතර එමඟින් වෙනත් බොහෝ ප්‍රයෝජනවත් පහසුකම් සමඟ පණිවිඩ හුවමාරුව ද ඇතුළත් වේ.

මෙමඟින් බාධාවකින් තොරව සම්බන්ධීකරණ ක්‍රියාදාමයකින් තම නිලධාරීන් අතර නොමිලේ සන්නිවේදනය කිරීමට හැකි වේ.

දෙවන මෙවලම ලෙස වීඩියෝ සම්මන්ත්‍රණ අවශ්‍යතා සපුරාලන ලද (open source) විවෘත කේත නිෂ්පාදනයක් වේ.

https://meet.gov.lk/ සමගින් ඕනෑම රජයේ ආයතනයකට මේ හා සම්බන්ද වීමෙන් බාදාවකින් තොරව අදාල නිලධාරීන් සමග වීඩීයො සංවාද මණ්ඩප මගින් එකම මොහොතක විශාල පිරිසක් සමග නිවෙස්වල සිටම එක්වී කටයුතු කිරිමේ හැකියාව සහ විශේෂාංග රාශියක් ඇති අතර ලංකා රජයේ තොරතුරු යටිතල පහසුකම් පද්ධතියෙහි (LGII) සහාය ඇතිව ආරක්ෂිත ලෙස ශ්‍රී ලංකා රජයට පමණක් හිමිකම් ඇති ලංකා රජයේ මෙඝය ( LGC) මේ මෘදුකාංග සදහා පහසුකම් සපයා ඇත.

රාජ්‍ය නිලධාරීන් ට මේ පහසුකම් නොමිලේ සැපයෙන අතර අමාත්‍යංශ, පළාත්පාලන ආයතන, දෙපාර්තමේන්තු රාශියක නිලධාරීන් හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිලදාරීන් මේ කටුයුතු මේ වනවිටත් ඉතා සාර්ථක ලෙස සිදුකරමින් සිටියි.

අනෙකුත් අවශ්‍යය නිලදාරීන්ට 011 2497900 මගින් මෙහි සහය ලබාගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *