වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඇතැම් ස්ථානවලය මි.මී. 100ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව සදහන් ය.

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැයට කිලෝමීටර 50 ක් දක්වා ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *