(කොළඹ, ලංකාපුවත්) – බ්‍රසීලයේ කොවිඩ් -19 රෝගයෙන් මියගිය සංඛ්‍යාව 150,000 ඉක්මවා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අමෙරිකාවෙන් පසු ලෝකයේ දෙවන වැඩිම කොරොන වයිරස් මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. එසේම ඉන්දියාවට පසු ලොව තුන්වැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තාවන්නේ ද බ්‍රසීලයෙනි.
ගතවූ සතිය මුලදී බ්‍රසීලය තුළ මුළු ආසාදන මිලියන 08ක අගයක පසු විය.
වෛරසය පිළිබඳ උපදෙස් නොසලකා හරිමින් වෛරසයේ අවදානම අවතක්සේරු කළ බවට ජනාධිපති ජෙයාර් බොල්සනාරෝට චෝදනා එල්ල වී තිබේ.
බ්‍රසීල සංඛයා ලේඛනවලට අනුව මාර්තු මාසයේදී පළමු කොවිඩ් මරණය වාර්තා වූ දින සිට මේ දක්වා එරට පුද්ගලයින් 150,198 ක් කොවිඩ් රෝගයෙන් මියගොස් ඇති අතර පුද්ගලයින් 5,082,637 ක් වෛරසයට ගොදුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.