(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ කහ කිලෝ විසිපන්දහසකට ආසන්න ප්‍රමාණයක් හුංගම පොලිස් වසමේ කලමැටියාව ලියාපදිංචි නොකල ධීවර වරායේ තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී සැකකරුවන් පස් දෙනෙක් සමඟ එම කහ ප්‍රවාහනය කළ බෝට්ටුව ද විශේෂ කාර්ය බලකායේ භාරයට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකායේ බස්නාහිර පළාත් උතුර භාර බුද්ධි ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් කුමාර මහතාට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය විසින් කහ සම්බන්ධයෙන් සිදුකරන ලද විශාලතම වැටලීම ලෙස මෙය සැලකේ.