(කොළඹ, ලංකාපුවත්) –දෙසැම්බර් 21 වනදා සිට මේ දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් 103 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක දී එම පරීක්ෂණ සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඒ අනුව පුද්ගලයින් 10,926 දෙනෙකුගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හෝ PCR පරීක්ෂණ සිදුකර ඉහළ ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.