ශ්‍රී ලංකාවේ නිදහස් සැමරුමේ 73වන සංවත්සරයට අගමැති මෝදිගෙන් සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ නිදහස් සැමරුමේ 73 වන සංවත්සරය නිමිත්තෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරයි.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරයි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙරටේ පවතින භාෂාමය, ආගමික හා සංස්කෘතික සම්ප්‍රදායන් මත පදනම්ව හුවමාරු කර ගත් පැරණි සබඳතා නැවත අවධාරණය කළේය. කොවිඩ් – 19 වසංගතයට එරෙහි ඒකාබද්ධ සටන ඇතුළුව පසුගිය වසර පුරා දෙරට අතර සහයෝගීතාව ඔහු අවධාරණය කළේය. ඉදිරි වසර කිහිපය තුළ දෙරට අතර ශක්තිමත් සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති අතර අපේ ජනතාවගේ ප්‍රගතියට හා පොදු සමෘද්ධියට දායක වනු ඇතැයි ඉන්දීය අගමැතිවරයා තවදුරටත් ප්‍රාර්ථනා කර සිටියි.

නායකත්ව මට්ටමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නිරන්තර අන්තර් ක්‍රියාකාරිත්වයන් අඛණ්ඩව පවත්වා ගෙන යන අතර එමඟින් කොවිඩ් වසංගතය හේතුවෙන් ඇති වූ අභියෝග මධ්‍යයේ වුවද සංවර්ධන සහයෝගීතාව, වෙළඳ හා ආර්ථික සබඳතා, ජනතාව අතර සම්බන්ධතා යන ක්ෂේත්‍රවල සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සුබ පැතුම් පණිවිඩය ඔස්සේ සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *