වී මිලදී මසක ක්‍රියාන්විතය – මාසයකට වී මෙ.ටො. ලක්ෂ 02 ක ඉලක්කයක්

(කොළඹ, ලංකාපුවත්) – මේ වනවිට රජය විසින් වී මෙට්ට්‍රික් ටොන් 5000ක් මිල දී ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

වී මිලදී ගැනීම වෙනුවෙන් මාර්තු 07වැනිදා සිට අප්‍රේල් 08වැනිදා දක්වා මාසයක ක්‍රියාන්විතයට සමගාමීව මෙම මිල දී ගැනීම් සිදු කර ඇත.

එසේම මාසයකට වී මෙ.ටො. ලක්ෂ 02 ක ඉලක්කයක් පවතින බව අද(09) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා පැවසීය.

මෙම වැඩපිළිවෙල යටතේ අම්පාර, අනුරාධපුර, කුරුණෑගල, පොළොන්නරුව, හම්බන්තොට, මඩකලපුව දිස්ත්‍රික් 06කට ප්‍රමුඛත්වය දී තිබේ. එම දිස්ත්‍රික් 06ට නිලධාරීන් 366ක් ද පත් කර ඇත.

ඇමතිවරයා කියා සිටියේ වී අලෙවි මණ්ඩලයේ ගබඩා 323ක් පවතින බවත් ඒවායේ ගබඩා කළ හැකි ධාරිතාව මෙ.ටො. 323,700ක් බවත් ය.

එසේම සමූපකාර හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සතුව ද ගබඩා පහසුකම් පවතින අතර, මෙට්‍රික් ටොන් ලක්ෂ 05ක ගබඩා සූදානම්ව පවතින බවද ඇමතිවරවයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *