අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්

(කොළඹ, ලංකාපුවත්) –අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපොට්කෝ සමාගම විසින් ඉන්ධන මිල සංශෝධනයක් සිදු කර ඇතැයි බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දමා ඇති අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් රුපියල් 23 කින් ඉහළ ගොස් තිබේ.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 07 කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 12 කින් ඉහළ දමා ඇත.

භූමිතෙල් මිලද රුපියල් 07 කින් ඉහළ දමා තිබේ.

‪ඒ අනුව ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු.157ක් වන් අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු. 184ක් වනු ඇත.‬

‪ඔටෝ ඩිසල් ලීටරයක නව මිල රු. 111ක් සහ සුපර් ඩිසල් ලීටරයක නව මිල රු. 144ක් වනු ඇත. ‬

‪භූමිතෙල් ලීටරයක නව මිල රු. 77ක් ලෙසයි දැක්වෙයි.‬

Leave a Reply

Your email address will not be published. Required fields are marked *