(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින ‘ඩෙල්ටා ප්ලස්’ කොරෝනා නව වෛරස ප්‍රභේදය මේ වන විට ප්‍රාන්ත 10කින් හමුවී තිබේ.
එරටට මහත් විනාශයක් ගෙනදුන් ඩෙල්ටා වෛරස ප්‍රභේදය දැනට රටපුරා දිස්ත්‍රික්ක 174ක ව්‍යාප්ත වී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.
ඉන්දියාවේ දෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වූයේ ඩෙල්ටා වෛරස ප්‍රභේදය මුල් කරගෙනය. වසංගතය ආරම්භයේ දී එනම්, ඉකුත් මාර්තු මාසයේ දී ඩෙල්ටා ප්‍රභේදය ඉන්දියාවේ දිස්ත්‍රික්ක 52ක ව්‍යාප්ත වී තිබිණ.
මේ වන විට දිස්ත්‍රික්ක 174ක පුළුල් වෛරස ව්‍යාප්තියක් දක්නට ලැබෙයි. එමෙන්ම, දිස්ත්‍රික්ක 500ක 5%ක පමණ ආසාදන තත්වයක් නිරන්තරයෙන් වාර්තා වන බවයි,සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වෛද්‍ය බාල්රාම් භාර්ගව ප්‍රකාශ කරයි.