ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරණ සීමා සිංගප්පූරුව ලිහිල් කරයි

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට පනවා තිබූ සංචාරණ සීමා අද(26) සිට ලිහිල් කිරීමට සිංගප්පූරු රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව බංග්ලාදේශය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල පුද්ගලයින්ට සිංගප්පූරුවට යාමට අවස්ථාව හිමිවේ.

සිංගප්පූරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ බව නිවේදනය කර ඇත.

කෙසේ වෙතත්, එම රටවල සිට පැමිණෙන සංචාරකයින් දැඩි නිරෝධායන නීතිවලට යටත් විය යුතු බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *