අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ අපවත් වෙති

(ලංකාපුවත් | කොළඹ) – කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති මහෝපාද්‍යාය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ අපවත් වෙති.

කොළඹ පෞද්ගලික රෝහලකදී උන්වහන්සේ අපවත් වනවිට 84 වන වියේ පසුවිය.

වසර ගණනාවක් තිස්සේ ධර්ම ශාස්ත්‍රීය සේවාවන් උදෙසා කැපවී කටයුතු කළ පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය පසුව දැනුම් දෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *