බූස්ටර් එන්නත ලබාදීම අද සිට

(ලංකාපුවත් | කොළඹ) – කොවිඩ් 19 මර්දනය සඳහා මෙරට පුද්ගලයන්ට තුන්වන එන්නත් මාත්‍රාව (බූස්ටර් මාත්‍රාව) දීම අද (01) ආරම්භ වන අතර ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පළමුව එන්නත් කිරීමට නියමිතය.

තුන් වැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කීවේය.

බූස්ටර් එන්නත දෙනු ලබන්නේ දෙවැනි මාත්‍රාව ගෙන මාස 6කට පසුව වන අතර රෝගීන් සමඟ ගැටෙන ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට, ත්‍රිවිධ හමුදාවට, ගුවන්තොටුපොළ, වරාය, සංචාරක කර්මාන්තයේ නියැළෙන්නට පළමුව බූස්ටර් එන්නත දෙන බව ද හෙතෙම කීවේය.

ඉන් අනතුරුව වයස අවුරුදු 60 ඉක්මවූ අයටත්, 30ත් 60 ත් අතර අයටත් බූස්ටර් එන්නත ලබා දී අනතුරුව අවුරුදු 20 ට වැඩි අයටත් එන්නත දෙන්නට පියවර ගන්නා බවත් හෙතෙම කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *