නවසීලන්තය විස්සයි විස්ස අවසන් මහා තරගයට

(ලංකාපුවත් | කොළඹ) –මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසළාන තරඟාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩාමය සමත් විය.

ඒ, එංගලන්තය සමඟ ඊයේ(10) අබුඩාබි හිදී පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් කඩුළු 5ක ජයක් වාර්තා කිරීමත් සමඟිනි.

කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමට එංගලන්තයට ආරාධනා කළේය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 166 කි.

මොයින් අලී නොදැවී ලකුණු 51 යි.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ නවසීලන්තය ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 19 කදී කඩුළු 5 ක් පමණක් දැවී සිටියදීය.

ඩැරිල් මිචෙල් නොදැවී ලකුණු 72 යි.

මේ අතර දෙවන අවසන් පූර්ව තරගය මෙවර තරගාවලියේ අපරාජිතයන් වන පාකිස්ථාන කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියාව අතර අද පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *