(ලංකාපුවත් | කොළඹ) – කින්නියා, කුරුන්චන්කර්නි කලපුව හරහා පාලමක් ඉදිකරන තුරු කිලෝ මීටර් තුන හමාරක විකල්ප මාර්ගය භාවිතා කිරීම දුරින් වැඩි නිසා ජනතාවට පාරු සේවාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන එම ප්‍ර දේශයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 2021.07.09 දින පාර්ලිමේන්තුවේ ඉල්ලීමක් කළා. පැහැදිලිව එම ඉල්ලීම ප්‍රතිපත්තියක් ලෙස පිළිගත්තා. පාරු සේවාවක් දාන්න අවසර ලබා දෙනවා කියළා. තවුෆික් මන්ත්‍රීතුමා අපෙන් ඉල්ලීමක් කළා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ පාරු සේවාවක් ආරම්භ කරන්න කියලා යැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) අදහස් දැක්වීය.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මන්ත්‍රීතුමා කළ අදහස් දැක්වීමට පිළිතුරු වශයෙන් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,
මහාමාර්ග අමාත්‍යාංශයට අපි පැහැදිලිව උපදෙස් දුන්නා පාරු සේවාවක් පටන් ගන්න කටයුතු කරන්න කියලා. පාරු සේවාවක් දාන්න අවසර දීලා කටයුතු කරගෙන යනකොට තමා කින්නියා නගර සභාවේ නගරාධිපති අවසරය ලබා දුන්නේ.
මම නම් අවසරය ලබා දෙන්නේ, කින්නියා නගර සභාවට අවසරයක් ලබා දෙන්න බලයක් හම්බවුනේ කොහොමද?. එදා පැහැදිලිව කීවා පාරුවක් දාන්න අවසර දුන්නා කියලා. ඔව් දීලා තියෙනවා. අදත් ලබා දෙනවා. කිලෝ මීටර් තුනක් ගෙවාගෙන ජනතාවට යන්න බැරි එකට පාරු සේවයක් පටන් ගන්න අවසර දෙන එකෙන් කියන්නේ නැහැ අබලන් වුන තහඩු දාලා, බැරල් එක්ක අවසර ලබා දෙනවා කියලා. මම අවසර ලබා දෙනවා කිව්වම ප්‍රාදේශීය සභාව, නගර සභාව අවසර ඉල්ලුවා. මම ඒකට අවසර ලබා දුන්නේ නැහැ.
අවසර ලබා දෙන්න අපි අදත් එකගයි. නිත්‍යානූකූල ආරක්ෂිත පාරු සේවයකට. තවුෆික් මන්ත්‍රීතුමා අපෙන් ඉල්ලීමක් කළා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් පාරු සේවාවක් ලබා දෙන්න කියලා. පැහැදිලිව කියන්න ඕනේ ඒකට අපි අවසර ලබා දුන්නා. මාර්ග සංවර්ධන අධිකාරියෙන් පාරුව හදාගෙන යනවා.
මේ පාරු සේවයට අනුමැතිය දීලා තියෙන්න කින්නියා නගර සභාවෙන්. විපක්ෂය පිළිගන්නවද කින්නියා නගර සභාව දුන්න අනුමැතිය හරි කියලා. මම එදා කියන්නෙත්, අද කියන්නෙත්, එකම එක දෙයයි. මේ පාරු සේවාවක් දාන්න අවසර දීලා තියෙනවා. ඒක දීලා තියෙන්නෙ තවුෆික් මන්ත්‍රීතුමාගේ ඉල්ලීමට අපේ මාර්ග සංවර්ධන අධිකාරියට. පළවෙනි සැලැස්මේ පාරු සේවාවක් දාන්න මුදල් වෙන්වෙලා තිබුනේ නැහැ.
විපක්ෂයේ මන්ත්‍රීවරු, තවුෆික් මන්ත්‍රීතුමා මේ සභාවෙදී චෝදනා කළා මිනිස්සු දුරින් යනවා පාරු සේවයක් දාන්න අවසර දෙන්න කියලා. මම අවසර දුන්නා. ඒ අනුව කටයුතු කරමින් යනවා. අබලන් වුන එකකට අවසර දුන්නෙත් නැහැ. අවසර ඉල්ලුවාම දුන්නෙත් නැහැ.
උත්තරීතර පාර්ලිමේන්තුව තුළ අපි බොරු කියන්නේ නැහැ. ඔබතුමාලා තමා ත්රස්තවාදීන් පිළිබදව විජේදා රාජපක්ෂ පාර්ලිමේන්තුවේ හෙළි කරනකොට බේසමේ කිඹුල්ලු දකින්න එපා කියලා කිව්වෙ. මේ අහිංසක මින්ස්සුන්ගේ මරණ වලට පාරු සේවයට අනුමැතිය ලබා දුන් අය වගකිව යුතුයි. ආරක්ෂිත, ජීවිත ආරක්ෂක කබා සහිතව, පාරුව හොදනම් අපි අදත් අවසර ලබා දෙනවා. බැරල් දාලා අවසර දෙන්නේ නැහැ. අපි අවසර දෙන්නෙ නිත්යනාකූල පාරු සේවයකට පමණයි. ඒ නිසා අදාළ වගකිව යුතු අයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ දඩුවම් ලබා දිය යුතුයි.