“තිසාරා ආට්ස් සෙන්ටර්”නව ප්‍රදර්ශනාගාරය විවෘත වෙයි

(ලංකාපුවත් | කොළඹ) – දෙහිවල බෙල්ලන්තර පාරේ අංක 29/1 දරණ ස්ථානයේ පිහිටි “තිසාරා ආට්ස් සෙන්ටර්” නව ප්‍රදර්ශනාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ (30) පස්වරුවේ විවෘත විය.

බුද්ධ ප්‍රතිමා, දේව රූප, සඳකඩ පහන් වැනි මූර්ති නිර්මාණ වලින් මෙම ප්‍රදර්ශනාගාරය සමන්විත ය.

ජනාධිපති සම්මාන ලාභී මූර්ති ශිල්පියෙකුවන යූ.එල්. විමල් ප්‍රේමචන්ද්‍ර මහතා 1993 වර්ෂයේ දී “තිසාරා ආට්ස් සෙන්ටර්” ආරම්භ කර තිබේ.

යූ.එල්. විමල් ප්‍රේමචන්ද්‍ර මහතාගේ හදිසි අභාවයෙන් පසුව 2010 වසරේ සිට “තිසාරා ආට්ස් සෙන්ටර්” පවත්වාගෙන යන ඒ මහතාගේ බිරිඳ ස්වර්ණා නීලවල මහත්මිය මෙම නව ප්‍රදර්ශනාගාරය ඉදිකර තිබේ.

මෙම අවස්ථාවට තිසාරා ආට්ස් සෙන්ටර් අධිපතිනි ස්වර්ණා නීලවල මහත්මිය ඇතුළු එම කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *