ඛනිජ තෙල් සහ ලිහිසි තෙල් කර්මාන්තයේ පැමිණිලි විසඳීමට සහ ආරවුල් විසඳීමට යාන්ත්‍රණයක්

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ඛනිජ තෙල් සහ ලිහිසි තෙල් කර්මාන්තයේ පැමිණිලි විසඳීමට සහ ආරවුල් විසඳීමට යාන්ත්‍රණයක් පිහිටුවා ඇත.

PUCSL සහ ඛනිජ තෙල් අමාත්‍යංශය ඒකාබද්ධව පාරිභෝගික අයිතිවාසිකම් සහ බැඳීම් පිළිබඳ ප්‍රකාශයක් මෙන්ම පැමිණිලි හැසිරවීමේ සහ ආරවුල් විසඳීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදී.

ප්‍රමිතියෙන් තොර පෙට්රල්, භූමිතෙල් සහ ඩීසල් සම්බන්ධයෙන් මහජනතාව පසුගිය මාස කිහිපය තුළ කනස්සල්ලට පත්ව සිටින්නේ කාට පැමිණිලි කළයුතුද යන්න පිළිබඳව සහ මෙම නිෂ්පාදනවල ප්‍රමිතිය පිළිබඳ අධීක්ෂණය භාරව සිටින්නේ කාටද යන්න පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

PUCSL ස්වාධීන නියාමන ආයතනයක් ලෙස ප්‍රචලිත බැවින් තත්ත්ව පාලනය PUCSL වෙත පැවරීමෙන් මහජනතාවට මෙන්ම ඛනිජතෙල් සේවා සපයන්නාට ද ජයග්‍රාහීතත්ත්වයක් උදාවනු ඇතැයි ඔහු පැවසීය.

ඛනිජ තෙල් සහ ලිහිසි තෙල් සම්බන්ධයෙන්වන පැමිණිලි ඉදිරිපත් කිරීම සහ විසඳීම අදියර දෙකකින් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසීය.

“ආරම්භක අදියර වනුයේ සේවා සපයන්නන්ගේ මැදිහත් වීම හරහා පැමිණිලි විසඳීමයි. කෙසේ වෙතත්, එකඟතාවයක් නොමැති නම්, දෙවන අදියර වනුයේ සේවා සපයන්නා සහ සමහර විට පත්කරන ලද නියාමකයා මැදිහත් වීමෙන් විසඳුමක් සෙවීමයි, ”ඔහු පැවසීය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, PUCSL සහ බලශක්ති අමාත්‍යංශය පසුගියදා(01)ආරවුල් විසඳීමේ ක්‍රමය විස්තර කරන ප්‍රකාශ දෙක මෙන්ම පාරිභෝගිකයාට සහ ඛනිජතෙල් සේවා සපයන්නාට පිරවිය යුතු ලිපිලේඛන ප්‍රසිද්ධියට පත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *