දුම්රිය හරස් මාර්ග භාවිතයේදී විශේෂ අවදානයක් දෙන්න

(කොළඹ, ලංකාපුවත්) – විදුලිය කප්පාදු කරන අවස්ථාවන්වල දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කිරීමේදී වඩාත් සැලකිලිමත්වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබේ.

විදුලිය නොමැති අවස්ථාවලදී දුම්රිය හරස් මාර්ගවල සවිකර ඇති ආලෝක සංඥා පුවරු ක්‍රියාත්මක වීමට බැටරි යොදා තිබුණද විදුලිය කප්පාදු කරන කාලසීමාව දීර්ඝවීම හේතුවෙන් එම අලෝක සංඥා පද්ධතිය ඇතැම් අවස්ථාවලදී ක්‍රියාවිරහිත වේ.

මේ හේතුවෙන් විදුලි කප්පාදුව අවසන් වන තෙක් එවැනි දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *