YouTube නාලිකා 22ක් ඉන්දියාව අවහිර කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය YouTube නාලිකා 22ක් අවහිර කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

ඉන්දියාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජගත කිරීමේ චෝදනාව මත තොරතුරු සහ විකාශන අමාත්‍යාංශය විසින් එම අවහිර කිරීම සිදු කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

තොරතුරු තාක්ෂණ රීති යටතේ ප්‍රථම වරට අවහිර කර ඇති ඉන්දීය යූ ටියුබ් පුවත් නාලිකා 18ක් සහ පකිස්ථානය පදනම් කරගත් යූ ටියුබ් ප්‍රවෘත්ති නාලිකා හතරක් මේවාට ඇතුළත් වේ.

ඊට අමතරව ට්විටර් ගිණුම් තුනක්, ෆේස්බුක් ගිණුමක් සහ ප්‍රවෘත්ති වෙබ් අඩවියක් ද අවහිර කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *