ගුණාත්මකත්වයෙන් වැඩි වැඩසටහන් ඉදිරිපත් කරන්න – ජනමාධ්‍ය ඇමැති ඩලස් කියයි

(ලංකාපුවත් | කොළඹ) – යටිතල පහසුකම් දියුණු කරමින් ඩිජිටල් තාක්ෂණයට යොමු වන අතරේදී ජනතාවගේත් රටේත් යහපත සඳහා ඉහළ ගුණාත්මක වැඩසටහන් නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමට පියවර ගන්නැයි තමා රූපවාහිනී විකාශකයන්ගෙන් ඉල්ලා සිටින බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඒ මහතා මෙම ඉල්ලීම සිදු කළේ මෙරට රූපවාහිනී විකාශන මාධ්‍යයේ නව පෙරළියකට මුල පුරමින් රූපවාහිනී විකාශ කටයුතු ඩිජිටල්කරණය කරමින් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ඊයේ(28) රාත්‍රී පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඇමතිවරයා, තාක්ෂණය කෙතරම් ඉහළ ගියත් ගුණාත්මකව, ආචාරශීලීව සහ පොදු මහජනතාවගේ සාධනීය ගුණධර්ම වගා නොකොට අයහපත් මාධ්‍ය භාවිතයක් සිදු වන්නේ නම් ඉන් කිසිදු ප්‍රයෝජනයක් නැතැයි අවධාරණය ක‍ෙළ්ය.

එමනිසා ගුණගරුක, සදාචාර සම්පන්න නව නිර්මාණාත්මක මාධ්‍ය භාවිතයක් සඳහා නවීනත්වය ද එක්කොට ක්‍රියා කිරීමේ වගකීම, ඉතිහාසයේ අප ‍මුහුණදෙන අසීරුම අවස්ථාවේ සිට සිදු කළ යුතු ජාතික වගකීමක් වන බව ද ඇමතිවරයා මෙහිදී අවධාරණය කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *