බූස්ටර් එන්නත නොගත් අයගෙන් කොවිඩ් පැතිරීමේ අවදානමක්

(ලංකාපුවත් | කොළඹ) –කොවිඩ් මර්දන තුන්වැනි එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව නොගත් පිරිස අතර ලබන මාර්තු, අප්‍රේල් වන විට වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

විවිධ පාර්ශ්ව විසින් කරනු ලබන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් මහජනතාව බූස්ටර් එන්නත ගැනීමට අකමැත්තක් දක්වන බවත් එම හේතුවෙන් වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් වසංගතය අවසන් වී නැති අතර, කොවිඩ් මර්දන සෞඛ්‍ය පුරුදු නිසි ලෙස නොපිළිපැදීමේ ප්‍රතිඵල ජනවාරි මස අවසානයේ දැකිය හැකි යැයි ද හෙතෙම පැවසීය.

මහජනතාවට ගැනීමට අවශ්‍ය තරම් එන්නත් ප්‍රමාණවත් ලෙස රට තුළ තිබෙන බවත් බූස්ටර් එන්නත ගැනීමේ පසුබෑමක් ජනතාව තුළ පැවැතිය ද එන්නත් අවශ්‍ය තරම් තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එන්නත්කරණයට යොමු නොවීම නැවත රට තුළ කොවිඩ් ව්‍යාප්තියක් ඇති වීමට හේතුවක් වනු ඇතැයි ද ඔහු කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *