සමෘද්ධි බැංකු ගණුදෙණු කරුවන්ට විශේෂ පණිවුඩයක්

(ලංකාපුවත් | කොළඹ) – සමෘද්ධි බැංකු හරහා ගණූ දෙණු කරන මෙරට ජනතාවට බියක් සැකක් නොමැතිව වර්ෂ අවසානයේදී ද ගණු දෙණු කළ හැකි බවත් අසත්‍ය තොරතුරු හමුවේ ජනතාව නොවැරටී දින සීමාවකින් තොරව ගණු දෙණු කිරීමට හැකියාව සමෘද්ධි බැංකු හරහා ලබා දී ඇති බවද සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයංරැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

දෙසැම්බර් 31 වැනිදායින් පසුව සමෘද්ධි බැංකු ආශ්‍රිතව පවතින තම ගිණුමේ මුදල් ලබා ගැනීමට නොහැකි බවට යන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ඇතැම් දේශපාලනීය වශයෙන් පටු අරමුණ සහිත පිරිස ජනතාව නෙමඟ යවා උසි ගැන්වීමක් සිදු කරන අයුරු දක්නට පවතින අතර එවැනි අසත්‍ය තොරතුරු මුදා හරින නිලධාරින් හට අමාත්‍යාංශය හරහා විනය පරික්ෂණ කඩිනමින් සිදු කරන බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ගාල්ල පෙට්ටිගලවත්ත ප්‍රජා මූල සමෘද්ධි සංවර්ධන බැංකුවේ සිදූවීම පිළිබඳ අද(30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා තව දුරටත් මෙසේද කීය.

“ විෂය භාර අමාත්‍ය වරයා ලෙස වගකීමෙන් ප්‍රකාශ කරනවා අපි සමෘද්ධි බැංකු හරහා ගණුදෙණු කරන අපේ ජනතාවට බියක් සැකයක් නොමැතිව සමෘද්ධී බැංකු හරහා ගණුදෙණු කරන්න කියලා. විවිධ පිරිස් කරන අසත්‍ය ප්‍රචාර හමුවේ ගණුදෙණු කරුවන් අපහසු තාවයට පත් වීම පළිබඳ කණගාටු වෙනවා. අසත්‍ය තොරතුරු හමුවේ සමෘද්ධි බැංකු පරිශ්‍ර වලට පැමිණි සියලු දෙනාට කිසිදු ගැ‍ටළුවකින් තොරව මුදල් ලබා දී තිබෙනවා අපේ කාර්යය මණ්ඩලය. 31 වෙනි දිනත් ඒ අයුරින්ම අපගේ සියලු ශාඛා වල ගණුදෙණු කටයුතු සිදු කෙරෙනවා. 2022 වර්ෂායේ 03 වෙනි සඳුදා දින සිට ද නැවත ඒ අයුරින්ම ගණු දෙණු කරුවන් හට අපේ බැංකු පරිශ්‍ර විවෘත්තයි.” යැයි එහිදී පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *