ගුවන් හමුදාවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයක්

(ලංකාපුවත් | කොළඹ) – ශ‍්‍රී ලංකා ගූවන් හමුදාව විසින් කොවිඩි 19 එන්නත්කරණ මධ්‍යස්ථානයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිහිටුවයි.

ජනාධිපතිතුමාගේ උපදෙස් මත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ අධික්ෂණය යටතේ විදේශයන්හි සිට දිවයිනට පැමිණෙන ශ‍්‍රී ලාංකික ජනතාව හට පළමු, දෙවන හෝ තෙවන (බුස්ටර්) එන්නත් මාත‍්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා ගැනිමට අවස්ථාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දි අද(07) සිට සලසා දී ඇත.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායම් දවස පුරා මේ සදහා යොදවා තිබේ.

දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකික ගුවන් මගීන් හට තමන්ගේ අභිමතය පරිදි පැමිණිමේ පරියන්තයේ දී එන්නත්කරණය සිදු කර ගැනිමට අවස්ථාව සලසා දී ඇත.

බණ්ඩාරනායක ගුවන්තොටුපළේ පැය 24 පුරා මෙය ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *