පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව ලබන සදුදා රැස්වෙයි

(ලංකාපුවත් | කොළඹ) – පවතින කොවිඩ් තත්ත්වය හමුවේ අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව ලබන සදුදා (07) පස්වරුවේ රැස්වීමට නියමිතය.

මේ අතර පාර්ලිමේන්තුව ලබන 8 වැනිදා පෙ.ව 10.00ට රැස්වීමට නියමිත අතර 11 වැනිදා දක්වා දින 4 ක් රැස්වීමට මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය විය.

තවද ලබන 8 වැනිදා රජයේ මුදල් කාරක සභාව සහ ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වීමට නියමිත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *