උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන සිමෙන්ති සැපයුම්කරු ලෙස කටයුතු කරන INSEE සිමෙන්ති,මෙරට බලශක්ති හ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් කැප වෙයි

(කොළඹ, ලංකාපුවත්) –INSEE සිමෙන්ති යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන අතර,සංස්ථාහා මහවැලි මැරීන්සිමෙන්ති වැනි සුප්‍රසිද්ධමෙන් මජනප්‍රියතම සිමෙන්ති වෙළෙඳ නාමදේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙන සමාගම වේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය හා ලංකා විදුලිබල මණ්ඩලය සමඟ එක්ව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය විසින්, හම්බන්තොට හා මොණරාගල යන දිස්ත්‍රික්කවල අක්කර දහස් ගණනක ගොවිබිම් සඳහා වාරි යටිතල පහසුකම්ලබා දීමේ සහනව ජල විදුලි බලාගාරයක් මෙරටට දායාද කිරීමේ අරමුණින්, ඌව පළාත තුළ ක්‍රියාත්මක කරන උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා සිමෙන්ති සපයන්නාලෙස කටයුතු කරනනේ INSEE සිමෙන්ති සමාගමයි.

ඉරාන කොන්ත්‍රාත්කරුවෙකු වන FARAB සමාගමවිසින්ඉදිකිරීම් කටයුතුසිදු කරන මෙම ව්‍යාපෘතිය සඳහා INSEE සිමෙන්ති සමාගම මේ වන විට Rapid Flow සහසංස්ථාසිමෙන්ති මෙට්‍රික් ටොන් 85,000කට අධික ප්‍රමාණයක් සපයා ඇත.

මෙම ව්‍යාපෘතියේ වැදගත්කමපිළිබඳව අවධාරණය කරමින්,INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝ නවාරෝ මහතා පැවසුවේ මෙවන් අදහසකි. “උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සමස්ත ශ්‍රී ලංකාවටම ප්‍රථිලාභ ලබා දෙන සුවිශේෂී ව්‍යාපෘතියක්. එමගින් පුනර්ජනනීය විදුලි බලාගාරයක් ඉදි කිරීමට වගේ ම, කෘෂිකාර්මික ඉඩම් විශාල ප්‍රමාණයකට අවශ්‍ය ජලපහසුකම් ලබා දීමටත් නියමිත යි. පශ්චාත් වසංගත සමය තුළ ශ්‍රී ලංකාවේ ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමට මෙම ව්‍යාපෘතිය ශක්තියක් වනු ඇති බව පැවසුවොත් මා නිවැරදි යි.INSEE සිමෙන්ති සමාගම “ජීවිතය ගොඩ නගන”කියන සංකල්පය මූලික කරගත් සමාගමක්. මෙවැනි සුවිසල් ව්‍යාපෘතියක සිමෙන්ති සැපයුම්කරුවා විදියට කටයුතු කිරීමට ලැබීම ඇත්තවශයෙන් ම අපට මහත් ආඩම්බරයක්.ඒ වගේ ම මෙමගින් ශ්‍රීලාංකේය ජාතිය ගොඩනැංවීම සඳහා දායක වීමට අපට අවස්ථාව ලැබෙනවා.මෙම සුවිශේෂී ව්‍යාපෘතිය අවසන් වන තෙක් අපගේ සහයෝගයඋපරිමයෙන්ලබාදීමට කටයුතු කරන බව අවධාරණය කිරීමට කැමතියි.ඒ වගේ ම ජාතික සංවර්ධනය වෙනුවෙන් රජයගනුලබන දූරදර්ශී තීරණ සඳහා සුබ පැතීමටත් මම මෙය අවස්ථාවක් කරගන්නවා.”

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය, උමා ඔය ජලවිදුලිබලාගාර සංකීර්ණය ලෙසින් ද හැඳින්වෙන අතර, එය උමා ඔය හරහා වේලි දෙකකින්, වැලිමඩ ප්‍රදේශයේ අතු ගංගාවකින්, ට්‍රාන්ස් බේසින් හැරවුම් උමං මාර්ගයකින් සහ120MW ධාරිතාවක් සහිත භූගත ජල විදුලි බලාගාරයකින් සමන්විත ව්‍යාපෘතියකි.

මෙම ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු හම්බන්තොට හා මොණරාගලයන දිස්ත්‍රික්කවල හෙක්ටයාර 5000 කට ආසන්න භූමි ප්‍රදේශයකවගාවන් සඳහාජලය සැපයීමට සහ වෙනත් ජල අවශ්‍යතා සපුරාලීම සඳහා 145MCMක ජලය හරවා යැවීමට අපේක්ෂා කෙරෙයි. මෙහි ඉදි වන විදුලි බලාගාරයමගින් අපේක්ෂිත වාර්ෂික බලශක්ති නිෂ්පාදනය GWh 290 ක් වන අතර, එම බලාගාරය 22.7km, 132kV සම්ප්‍රේෂණ මාර්ගයක් හරහා බදුල්ල ග්‍රිඩ් උපපොළහා සම්බන්ධ කිරීමට නියමිත ය. උමා ඔය ව්‍යාපෘතියසඳහා ඇස්තමේන්තුගත මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 529ක් වන අතර, එහි සමස්ත ව්‍යාපෘති පිරිවැයෙන් 85%ක් ඉරානයේ අපනයන හා සංවර්ධන බැංකුව හරහා ණයමුදලක් ලෙස ලබා දීමට ඉරානරජය කටයුතු කරයි.

INSEE සිමෙන්ති නොහොත් සියම් සිටි සිමෙන්ති (ලංකා) ලිමිටඩ් සමාගම 1969 දී තායිලන්තයේ ආරම්භ කරන ලද අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයෙකු වන Siam City Cement Public Company Limited හි සාමාජිකයෙකි. එමෙන් ම INSEE සමාගම විසින් සංස්ථා, මහවැලි මෙරීන්, මහවැලි මෙරීන් ප්ලස්, INSEE Rapid Flow, INSEE Rapid Flow Plus සහ INSEE Extra cement යන නිෂ්පාදන INSEE සන්නාමය යටතේ මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙනු ලබයි. ශ්‍රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBSL) වෙතින් ‘හරිත සහතිකය’ හිමිකරගත් ප්‍රථම සිමෙන්ති නිෂ්පාදනය වන INSEE සිමෙන්ති, ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව ඇති LMD සඟරාව මගින් වඩාත් ගෞරවනීය ආයතන අතරට ශ්‍රේණිගත කර ඇති අතර, එම සමාගම ශ්‍රී ලංකාවේ එකම පූර්ණ සිමෙන්ති නිෂ්පාදකයා ද වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *