ශ්‍රී ලංකාව කොරෝනා සංචාරක අවදානම අඩු රටක් ලෙස නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව කොරෝනා සංචාරක අවදානම අඩු එනම් තුන්වැනි මට්ටමේ රටක් ලෙස අමෙරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නම් කර තිබේ.

ශ්‍රී ලංකාව මීට පෙර සිව් වැනි මට්ටමේ අවදානම් සහිත රටක් ලෙස නම් කර තිබූ අතර ඊට රටවල් 135ක් ඇතුළත්ය.

රටේ ජනගහනයට සාපේක්ෂව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව මත අවදානම තීරණය කෙරේ. ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ව්‍යාපෘතියේ සාර්ථකත්වය ඊට බලවා ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.

මේ අතර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ, වැඩිම අවදානමක් සහිත රටවල් අතුරින් ශ්‍රී ලංකාව අවම ස්ථානයකට පත්ව තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *