ජනතාවගේ ඒකරාශි වීම් සුදුසු නැහැ

(කොළඹ, ලංකාපුවත්) – රට තුළ පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ මහජන ඒකරාශි වීම් පැවැත්වීම සුදුසු නැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව පෙන්වා දෙන ඒ මහතා එවැනි මහජන ඒකරාශිවීම් සංවිධාන කරන පිරිස් මෙන්ම ඒවාට සහභාගි වන පිරිස් තම වගකීම නිසි ලෙස අවබෝධ කර ගත යුතු බව අවධාරණය කරයි.

මින් පෙර පැවති කොරෝනා තත්ත්වයන් හමුවේ නිසි ලෙස වගකීමෙන් කටයුතු කළ මෙරට ජනතාව යම් පිරිස් විසින් නොමඟ යවමින් සිටින බව කියා සිටි ඒ මහතා පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන බූස්ටර් එන්නත් මාත්‍රාව ගන්නා ලෙසත් නිසි සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරමින් තමාගේ සහ අන් අයගේ ජීවිත රැක ගැනීමට කටයුතු කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *