කැමිලා ආදිපාදවරියටත් කොවිඩ්

(කොළඹ, ලංකාපුවත්) – කෝන්වෝල්හි ආදිපාදවරිය, කැමිලා පාකර්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි ක්ලැරන්ස් මන්දිරය නිවේදනය කර ඇත.

බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් කුමරු දෙවන වරටත් කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමෙන් දින 04කට පසු ඔහුගේ බිරිඳවන කැමිලා පාර්කර්ද කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත්තේ ඊයේ දිනයේ දීය.

රජයේ මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඔවුන් දෙදෙනාම මේ වන විට ස්වයං නිරෝධායනයේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

74 හැවිරිදි කැමිලා ආදිපාදවරිය එන්නත් මාත්‍රා තුනම ලබා සිටින බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *