යුක්‍රේන යුද අභ්‍යාසවල කාලසීමාව දීර්ඝ කරයි

(කොළඹ, ලංකාපුවත්) –යුක්‍රේන දේශසීමා ආසන්නයේ සිදු කෙරෙන යුද අභ්‍යාසවල කාලසීමාව දීර්ඝ කිරීමට රුසියානු බලධාරීන් තීරණය කර තිබේ.

අභ්‍යාස, ඊයෙන් අවසන් වීමට නියමිතව තිබිණ. නේටෝ සංවිධානය සමග එක්වීමට යුක්‍රේනය ගෙන ඇති තීරණයට රුසියාව විරෝධය පළ කරයි. එබැවින්, රුසියාව, සිය හමුදා යුක්‍රේන දේශසීමා ආසන්නයේ තවමත් රඳවා ඇති බව වාර්තාවේ.

බෙලරූස් රාජ්‍යය සමග එක්ව යුද අභ්‍යාසයක නියැලීමට රුසියාව බලාපෙරොත්තු වේ. ඒ යුක්‍රේනයට ආසන්න බෙලරූස් දේශසීමාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *