ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය අද ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද(28) ආරම්භවේ.

මෙවර එහි ප්‍රමුඛස්ථානය හිමිව ඇත්තේ යුක්රේන රුසියා අර්බුදය පිළිබදවයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවක් මෙවර සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඇතුළු දූත පිරිසක් ඊට සහභාගී වනු ඇත. සැසිවාරය අවසන් වන්නේ අප්‍රේල් පළමුවනදාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *