ජාතියට හුස්ම දෙන නැකත වෙනුවෙන් පරිසර ඇමති කළ ඉල්ලීම

(කොළඹ, ලංකාපුවත්) –ජාතියට හුස්ම දෙන නැකත තුළ හැම ගෙවත්තකම ප්‍රයෝජනයට ගත හැකි පැළයක් රෝපණය කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයට සමාගාමීව ජාතියට හුස්ම දෙන නැකත මෙවර යෙදී තිබෙන්නේ 2022 අප්‍රේල් මස 18 දින පෙරවරු 11. 16 ටය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අප්‍රේල් මස 18 දින පෙරවරු 11.16ට යෙදි තිබෙන ජාතික රුක්රෝපණ නැකත ප්‍රකාශයට පත් කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේ දී පැවැති වැඩ සටහනකට සහභාගි වෙමිනි. ජාතියට හුස්ම දෙන නැකත ලෙස හඳුන්වා දී තිබෙන ජාතික රුක්රෝපණ නැකතට දිවයින පුරා සෑම ගෙවත්තකම පැළ රෝපණය කිරීමේ වැඩ සටහනක් ඇරඹීමට පරිසර අමාත්‍යාංශය සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

නැකතට පැළයක් ජාතික රුක් රෝපණ වැඩ පිළිවෙළ යටතේ ජාතියට හුස්ම දෙන නැකත ලෙස පසුගිය වසරේ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට සමාගාමීව රුක් රෝපණ වැඩ සටහනක් ආරම්භ කළේය. සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට අදාලව රුක්රෝපණය කිරීමේ චාරිත්‍රයක් පළමුවරට එලෙස ආරම්භ කළ අතර ජාතික නැකැත් සීට්ටුවටත් මෙම නැකත ඇතුළත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *